‘කිරි ගොවියාට අත දෙන්න සිසුන්ට කිරි වීදුරුවක්‘


පාසල් සිසුන්ගේ පෝෂණ නැංවීම සඳහා කිරි වීදුරුවක් දීමේ වැඩපිළිවෙලකට අවශ්‍ය ප්‍රතිපාදන දීමට සිය අමාත්‍යංශය සූදානම් බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කියයි. මේ සඳහා එම ප්‍රදේශයේම කිරි ගොවියන්ගේ නිෂ්පාදන යොදා ගත යුතු බවද ඇමැති පවසයි. පෞද්ගලික සමාගම් කිරි මිලට නොගන්නේ නම් කිරි ගොවියා රැක ගැනීමට මෙවැනි පියවරක් ගතයුතු බව ඇමැති සඳහන් කරයි.