(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින පතාල නායක ‘කිඹුලා ඇලේ ගුණා’ නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.
මධුරංග ප්‍රනාන්දු (31), තිළිණ මධුසංක (28) , එච්. සංගාරන් (40), මිරෙෂ් වී ප්‍රනාන්දු (28) මෙලෙස අත්අඩංගුවට ගත් බව ලතීෆ් මහතා පවසයි.
තිළණ මධුසංක නැමැත්තා ‘කිඹුලා ඇලේ ගුණා’ නැමැත්තාගේ සහෝදරයා බව ලතීෆ් මහතා වැඩිදුරටත් කීය.

