කතරගම බුත්තල මාර්ගයේ ධාවනය වන ඇතැම් බස් රථ වලින් වල් අලියන්ට ආහාර දීමට පුරුදු වීම නිසා අඩු ගණනේ අලි ඇත්තු දෙතුන් දෙනෙක් නිතරම වාගේ පාරට වී සිටිති.
කෑම නොදෙන වාහනවලටද මෙම සතුන් පහර දෙතියි කියති.වාහන පහළොවකට පමණ පහරදී ඇතැයි ද දැනගන්නට ඇත.
ඌව සහකාර වනජීවී අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා කියනුයේ අලින්ට කෑම නොදෙන ලෙස බස් රථ හිමියන් දැනුම්වත් කළත් එය බීරී අලින්ට විණා ගායනා කිරීමක් බවයි.



