‘කැබිනට් සංශෝධන ගැන මම නම් දන්නේ නෑ‘ - රවී


(රංජන් කස්තුරි)
කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන තමා කිසිවක් නොදන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

තමා ආර්ථිකය හරියාකාරව මෙහෙයවා තිබෙන බව පවසන මුදල් ඇමැතිවරයා කැබිනට් සංශෝධනයක් ගැන ප්‍රකාශ නිකුත් කරන්නන්ගෙන් වැඩි විස්තර අසාගන්නැයි පැවසීය. 
මුදල් අමාත්‍යංශයේ අද(14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රවී කරුණානායක මහතා මේ බව පවසා සිටියේය.