‘කැබිනට් ඇමැති ධුරයකට ආරාධනා ලැබුණා‘- පා.ම තොණ්ඩමන්


(රංජිත් රාජපක්ෂ)                     

තමන්ට රජය සමඟ එක් වි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහිපයකදිම ආරාධනා ලැබුණු බව ලංකා කම්කරු කොංග්‍රස් සභාපති, මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

තොණ්ඩමන් මහතා එ බව කියා සිටියේ  හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව , නාගරික මන්ත්‍රිවරුන් සමඟ අද (01) පැවැති රැස්වීමකදීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු තොණ්ඩමන් මහතා පැවසුයේ  අද දින මැයි දිනය සංකේතවත් කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වු නිසා තමන් අද දින කොළඹට නොගිය බවයි.

කැබිනට් අමාත්‍යය ධුරයක් ලබා ගැනිම සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවද තොණ්ඩමන් මහතා කිය.