(සනත් ගමගේ)
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවැරදි දත්ත සහිත තොරතුරු ජනතාවට ලබා දීමට නම් දිනකට දිවයින පුරා බැලුන් තිහක් උඩුගුවනට යැවිය යුතු අතර දැනට කොළඹින් පමණක් සතියකට දෙපාරක් බැලුන් යැවිම සිදු කර ලබා දෙන තොරතුරුවල අඩුපාඩු තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ පි.එච් චමින්ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කලේ ආපදා කළමනාකරනය සම්බන්දව ආපදා කළමණාකරනණ මධ්‍යස්ථානය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් දැනුවත් කිරිම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැති වැඩමුළුවක දීය.
මෙහිදි අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ පී.එච් චමින්ද මහතා කියා සිටියේ මෙම බැලුනයක් උඩුගුවනට යැවිම සඳහා රුපියල් තිස් දහසක පමණ මුදලක් වැය වන අතර අවශ්‍ය මුදල් නොමැතිකම මත දිනකට සාමන්‍යයෙන් යැවියුතු බැලුන් තිහ යැවිමට නොහැකි හෙයින් කොළඹින් පමණක් සතියකට දෙපාරක් බැලුන් උඩුගුවනට යවා දත්ත රැස්කර ගන්නා බවයි.
මෙමගින් නිවැරදි කාලගුණ තොරතුරු ජනතාව අතරට නොයන හෙයින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි පිළිගැනිමට නොහැකි බව සම්බන්දව ජනතාව අතර තිබෙන මතය සාධාරන නොවේදැයි මෙහිදී මාධ්‍යවේදින් දිගින් දිගටම ජ්‍යේෂ්ඨ කාලගුන විද්‍යාඥයාගෙන් ප්‍රශ්න කළේය.
දත්ත සපයා ගැනිමට අවශ්‍ය සම්පත් නොමැතිනම් නිළධාරින් ලෙස අපි මොනවා කරන්දැයි ඔහු එවිට ප්‍රකාශ කළේය.
2020 වන විට ජපානයෙන් රේඩාර් යන්ත්‍ර දෙකක් ලංකාවට ලැබෙන අතර පුත්තලම සහ පොතුවිල්වල ඒවා සවිකිරීමට නියමිත වි ඇති බවද එවිට යම් තරමකින් දත්ත ලබා ගැනිමට හැකි වන බවද චමින්ද මහතා කිය.
චන්ද්‍රිකා සැටලයිට් මගින් දැනට පැය තුනකට වරක් ලැබෙන දත්ත වලින් තොරතුරු ලබා දෙන අතර පැය තුනකට පසු වෙනස් කම් ඊ ළඟ පැය තුනේ දි ලැබෙන හෙයින් එයද ප්‍රයෝගික නොවන බව චමින්ද මහතා සඳහන් කළේය.