‘කාබනික පොහොර දෙන්නේ නිසි තත්ත්ව පරීක්ෂාවකින් පසුවද?‘


(අංජුල මහික වීරරත්න)

මහ කන්නය සඳහා මෙරටට කාබනික පොහොර ගෙන්වන්නේ නිසි සාම්පල පරීක්ෂාවකින් දැයි ආණ්ඩුව වහා රටට කරුණු කිව යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

විදේශයක සිට රටට කාබනික පොහොර පමණක්  නොවෙ ඕනෑම පොහොරක් ගේන්න පෙර ශාක නිරෝධායන සේවයට යවා පරික්ෂා කළ යුතු බව කී විජයවර්ධන මහතා අද හෙට පොහොර දෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ පොහොර නිසි තත්ව පරීක්ෂාවකින් අනතුරුව දැයි ප්‍රශ්න කළේය.

මීට පෙරත් ආණ්ඩුව චීනයෙන් විස ක්ෂුද්‍ර ජිවියකු සහිත කාබනික පොහොර ගෙන්වූ අතර මෙරට ශාක නිරෝධායන සේවයේ නිලධාරීන්ට පිං සිදුවෙන්නට එම විස සහිත කාබනික පොහොර රටට පැමිණීම  නතර වූ බවද විජයවර්ධන මහතා පැවසීය.