(ප්‍රියංකර ගමගේ)
රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් ‘කළුවා‘ අද (24 ) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළාය.
ඔහු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූයේ මාතර රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා රොටුඹ ප්‍රදේශය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය සඳහා වෙඩික්කරු සපයාදීමට කටයුතු තොරතුරු සහ විමර්ශන වලදී අනාවරණය වි තිබීම හේතුවෙනි.
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් ඊයේ (23)පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් (23) දින අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අද (24) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රොටුඹ පොලිසිය කටයුතු කළහ.
ඩුබායි රටට පැමිණීම සඳහා සියලු වියදම් සහ වීසා ලබාදීම රොටුඹ අමිල විසින් ඩුබායි සිට සපයා ඇති බව රොටුඹ පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව රොටුඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

