‘කළුකොඩි කට්ටිය මහ රෑ මෝදි හමුවුණා‘ - ජනපති


ක ග කරුණාරත්න

ඉන්දියා අගමැති එන විට කළුකොඩි දමන්නැයි කී උදවිය ඉන්දියා අගමැති හමුවීමට රාත්‍රී 11ට පමණ ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා එලෙස කීවේ අරලගංවිලදී පැවැති උත්සවයකදී ය.

මැයි දිනයේ ගාලු මුවදොරට ආ පිරිස දුටු ඇතැමුන් පසු දිනම ආණ්ඩු පෙරළීමට හැකියැයි සිතුවද ඉන්දියා අගමැතිගේ සහභාගීත්වයෙන් හැටන් පැවැති උත්සවයට ලක්ෂ ගණනක් සහභාගී වූ බව ද ජනපතිවරයා කීවේය.

“පසුගිය දිනවල පිරිසක් කිව්වා වෙසක් දවසට කළුකොඩි දමන්න කියලා. වෙසක් දවසට කළුකොඩි දමන්න කිව්වේ ඉන්දියාවේ අගමැති මෝදි පැමිණෙන නිසයි“

“ඉන්දියා අගමැති එන්නේ මේ රටේ කොටසක් අරගන්නයි කිව්වා. ගිවිසුම් අත්සන් කරන්නයි කිව්වා. මම බොහොම පැහැදිලිව කිව්වා ඉන්දියා අගමැති එන්නේ මාගේ ආරාධනයකට, කිසිම ගිවිසුමකට අත්සන් නොකරන බව කිව්වා. ඉන්දියා අගමැති එනකොට කළු කොඩි දමන්න කියපු අය රෑ 11ට ගිහින් ඉන්දියා අගමැති හමු වුණා.“ යයි කී ජනාධිපති සිරිසේන මහතා...

“හමුවෙන්න කලින් ඉන්දියා මහ කොමසාරිස් මට කතා කර කිව්වා කළු කොඩි කට්ටිය හමුවෙන්න ඉල්ලලා තිබෙනවා. මොකද කරන්නේ කියලා ඇහුවා. මම කිව්වා හමුවෙන්න දෙන්න කියලා. රෑ 11ට තමයි කළුකොඩි කාරයො ගිහින් හමුවුණේ.‘ යයිද පැවසීය.