තමා මෙවර ඡන්දයට ඉදිරිපත් වනුයේ කිසිවකු අගමැති කිරීමට නොව හරි දැක්මකින් රට ඉදිරියට ගෙනයන මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ දෑත් ශක්තිමත කිරීමට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන මහින්ද සමරසිංහ මහතා රූපවාහිනී සාකච්ඡාවකදී අද (25) ප්‍රකාශ කළේය.
නම නොකීවත් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති අපේක්ෂකත්වය ගැන විය යුතු යැයි නිරීක්ෂකයෝ කියති.
මහින්ද රාජපක්ෂ සමයේ විදේශ ප්‍රතිපත්තිය චීනයට බරවීම නිසා නොයෙකුත් ගැටළු හටගෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් කොන්වී යැයිද දැන් ඒ තත්ත්වය නැතැයිද එසේම ලබන සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් ගැන වැඩි අවධානයක් යොමු විය යුතු යැයිද ඔහු කීවේය.

