‘කලබල නොවී ආරක්ෂිත ස්ථානවලට යන්න‘


කලබල නොවී මාර්ග අවහිර නොකර ආරක්ෂිත ස්ථාන කරා යන්නැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙයි. අපදා තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණදීමට පොලීසිය සූදානමින් සිටින බවත්, අනවශ්‍ය කලබල ඇති නොකර සාමකාමීව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අජිත් රෝහණ මහතා පවසයි. ‘ සියලු දෙනාම තමන්ගේ වටිනා ද්‍රව්‍ය ආරක්ෂිත ස්ථානවල දමා ගෙවල්වල දොරවල් හොඳට වහලා ආරක්ෂිත ස්ථානවලට යන්න. සොරසතුරන්ට අනවශ්‍ය වැඩවල යෙදෙන්න බැරි විදියට අපි පොලිස් ජංගම සංචාර වැඩි කරලා තිබෙනවා‘