මීරිගම කණ්ඩලම වලව්වේ සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන්ට බාර දුන් ඇත් පැටවා නැවත ගැනීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් හෝ නියෝජිතයකු පැමිණි විට විරෝධතාවකින් තොරව ඇත් පැටවා බාර දෙන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය සුමංගල හිමියන්ට අද නියෝග කළාය.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අවසන් වන තෙක් ඇත් පැටවා උඩවලව ඇත් අතුරු වෙනේ රඳවා තබා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ද විනිසුරුවරිය නියෝග කළාය.

