‘කබ්රාල්ට සිතාසි‘


(නිමන්ති රණසිංහ)

බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන ජූලි මස 25 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අද (23) යළි සිතාසී නිකුත් කළේය.

එසේම හිටපු මහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයෙන් පනවා තිබු විදෙස් ගමන් තහනම එදින තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ද අධිකරණය තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයාට අධිකරණයෙන්  නිකුත් කළ සිතාසිය මෙතෙක් ලැබී නොමැති බවය.

ඒ හේතුවෙන් තම සේවාදායකයා අධිකරණයේ පෙනී නොසිටින බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිසිද්ධියට අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල නිකුත් කළේ කාටදැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට සහ භාණ්ඩාගාර ලේකම්වරයා ටද අධිකරනයෙන් නියෝග නිකුත් විණි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුට ලබන ජූලි මස 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නැවත සිතාසි නිකුත් කර එදින තෙක් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය දීර්ඝ කළේය.