‘කඳ සුරිඳුනි අප ඔබ යැදුමට එනවා‘


කතරගම  දේවාලයේ  වාර්ෂික  ඇසල මංගල්‍යය  නිමිත්තෙන්  හින්දු බැතිමතුන්ගේ  පාද  යාත්‍රාව ඇරඹී ඇත.

ත්‍රිකුණාමලයේ  සිට කතරගම දක්වා පයින් ගමන් කරන පිරිසක්  අද (05) පොතුවිල් සිට පානම ඔස්සේ  කරතරගම දක්වා ගමන් කරන්නට වූහ.

ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන මොවුන් මේ වන විට දින 07ක්  පයින් පැමිණි බව සඳහන් කළ අතර, තැන් තැන්වල නැවතී කෑම උයා ගනිමින්, ගිමන්  නිවා  ගනිමින්  යති.

ඔවුහු පානම ,සන්නාසිමලේ , ඔකඳ , වහරවෙයි , නාවල්අඩි‍යෙයි, පෙරියවිහාරන් , කොච්චිපතාන  ප්‍රදේශ පසු කොට යාල අභය භූමිය මැදින්   කතරගමට යති.

____--01 ____-03 ____-04 ____-05