කොන්යැක්, බ්‍රැන්ඩි, ඉස්තරම්ම ආහාරයක් සේ සැලකෙන කැවියර් නමින් හැඳින්වෙන ලුණු දැමූ අලුත්ම මාළු බිත්තර ඇමරිකා ඩොලර් 200 ක් වටිනා වයින් විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීගේ නිව්යෝක් ආහාරවේල ලෝකයේ මිල අධිකම වෝට් රෝග් ඇස්ටෝරියා හෝටලයේය. ජනපතිවරුන් රාජ්‍ය නායකයන් වැනි සුවිශේෂ ප්‍රභූවරු පමණක් එම හෝටලයට යති.
ගරු සජින් ද වාස් ගුණවර්ධන යනුවෙන් ඔහුගේ නම එහි අමුත්තන්ගේ පොතේ ලියා ඇත. 2014 සැප්තැම්බර් 20 සිට 28 වැනිදා දක්වා ඔහු එම හෝටලයේ නවාතැන් ගත්තේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේ ඒ දිනවලය.
ඔහුගේ නමින් නිකුත් කළ රිසිට් පත අනුව ඔහු විනෝදය වෙනුවෙන් හෝටලයෙන් ලබාගත් වීඩියෝ ගණන 5කි. ඒ වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ගෙවූ මුදල රුපියල් 17,531.59 කි. රුපියල් 4684.46 ක් වටිනා චිත්‍රපටයක්ද ඔහු ලබාගෙන ඇත.
ඇමරිකා ඩොලර් 35කට වැඩි වටිනාකමකින් යුත් එම චිත්‍රපට වැඩිහිටියන් සඳහා පමණක් වන ඒවා බව එම හෝටලය කියයි. ඇස්ටෝරියා පීකොක් අවන්හලෙන් ඔහු ඇනවුම් කළ එක් කෑම වේලක මිල රුපියල් 12,125 කි. තවත් කෑම වේලක මිල රුපියල් 39,119කි. තම කාමරයට කෑම රැගෙන ඒම වෙනුවෙන් එම මුදලට අතිරේක සේවා ගාස්තුවක්ද අය කෙරේ. හෝටලයේ මිනි බාර් නමින් හැඳින්වෙන කාමරයේ විශේෂ කුටියෙන් ගන්නා මත්පැන් වලටද වෙනම ගෙවිය යුතුය.

