‘කනගාටුවක් නෑ: පක්ෂයේ තීන්දුවට හිස නමනවා‘ - සමන්මලී


නාම යෝජනා නොලැබීම ගැන කනගාටු නොවන බවත් පක්ෂයේ තීන්දුවට හිස නමන බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරිය නාම යෝජනා නොලැබුණු පළාත් සභා හා පළාත් පාලන නියොජිතයන්ගේ එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවාය.

‘මා කිසිසේතම කනගාටු වෙන්නේ නෑ. උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරූ තැනැත්තියක්. ඇය ආසන සංවිධායක ධූරයක් ඉල්ලා සිටියේ බොහෝ කලක සිටයි.‘

web