‘කතානායක ධූරයෙන් ඉවත්ව යන බව කීවේ නැහැ‘


(මනෝජ් හර්ෂික)
පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු පත් වූවහොත් කථානායක ධූරයෙන් තමන් ඉවත්ව යන බවට මාධ්‍ය ඔස්සේ පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මේ බව සදහන් කරමින්  ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළවී ඇති පුවත  නිසි මුලාශ්‍රයක් පදනම් කර නොකරගෙන බවද එය මුළුමනින්ම සාවද්‍ය බව ද කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
එම මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත.