ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධානයෙන් කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී අද (11)පැවැති ‘කතානායක කුසලාන’ ඇමැතිවරුන්ගේ පිල සහ මන්ත‍්‍රීවරුන්ගේ පිල අතර විස්සයි - 20ක‍්‍රිකට් තරගයෙන් හිටපු ටෙස්ට් නායක මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරියමෙහෙයවූ මන්ත‍්‍රීවරුන්ගේ පිල ලකුණු 69 ක පහසු ජයක් ලැබීය.
තරගයේ දක්‍ෂතම පිතිකරු ලෙස මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් ද, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස මන්ත‍්‍රී හර්ෂද සිල්වා ද, තරගයේ වීරයා ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද සම්මාන ලැබූහ.
මන්ත‍්‍රීවරුන්ගේ පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 176 (ජානක වක්කුඹුර 10, දයාසිරි ජයසේකර 14, තිලංගසුමතිපාල 16, සනත් ජයසූරිය 36, ගයන්ත කරුණාතිලක 13, අකිල විරාජ් කාරියවසම් 32, නිරංජන් වික‍්‍රමසිංහ27, විමල් වීරවංශ 33/3)
ඇමැතිවරුන්ගේ පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 107 (ඩලස් අලහප්පෙරුම 11, ඉන්දික බණ්ඩාරනායක19, මහින්දානන්ද අලූත්ගමගේ 12, රෝහණ දිසානායක 12, විනයාගමූර්ති මුරලිදරන් නොදැවී 11,සනත් ජයසූරිය 14/2, හර්ෂ ද සිල්වා 12/2)
ඡායාරූපය: ශාන්ත රත්නායක

