‘කඩේයන සමිති එපා‘


දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවලට අනුව වැඩකරන වෘත්තීය සමිති ව්‍යාපාර වෙනුවට අද රටට අවශ්‍යවී ඇත්තේ රටේ ඉදිරි ගමනට සහාය වන තමන්ගේ වෘත්තීය යුතුකම ඉටුකරන වගකීම් සහිත වෘත්තීය සමිති ව්‍යාපාරයැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (1) පැවසීය.

20 වැනි සංශෝධනය සම්පූර්ණ කරගත් පසු මේ රටේ ව්‍යවස්ථාව යළි සංශෝධනය කළ යුතු බවත් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට නව පෙරමුණක් ඉදිරියේදී ඇති කරගැනීම බවද ඔහු කීවේය.

වැඩකරන කම්කරු ජනතාව අගයමින් රාජගිරිය ජයසේකරාරාමයේ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කීය.