කඩුවෙල අධිකරණ බලසීමාවේ සියලු පොලිස් ක්‍රියා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා අද(29) පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට නියෝග කළේය.
රිවිර මාධ්‍යවේදී චාමර අමරසූරිය මහතාට අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් පිරිසක් පහර දෙන ලැදැයි කියන සිද්ධියක් මුල් කර ගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කරමින් අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා ‘පොලිසිය කබරගොයා තලගොයා කරනවා, තලගොයා කබරගොයා කරනවා. වගකීමෙන් කටයුතු කළ යුතුයි. අධිකරණය වෙත ඉදිරිපත් වෙන කරුණු මත තමයි නියෝග නිකුත් කරන්නේ. කරුණු වසන් කිරීම විශාල වරදක්‘ යැයි අතුරුගිරිය පොලිසිය අමතා පැවසීය.