පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුම්පොළේ අනුරාධපුර බස් නැවතුමේ ගමන් මල්ලක තිබී සොයාගත් කාන්තා මළ සිරුර හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
වයස අවුරුදු 30 - 40 අතර වෙතැයි සැකකරන මෙම කාන්තාව උස අඩි පහයි අඟල් දෙකක් පමණ වන බවත් කරේ තිබූ රන් මාලයේ ‘ඕම්‘ යනුවෙන් සඳහන්ව තිබූ පෙන්ඩනයක්ද සොයාගත් බව පොලිසිය කියයි.
මෙම කාන්තාව පිළිබඳ තොරතුරක් ඇතින්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ 011-266 23 11 හා 011-268 51 51 අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.



