‘ඔටර්ස්’ විවෘත ටෙනිස් තරගාවලියට අයැදුම්පත් කැඳවීම අනිද්දා අවසන්
ඔටර්ස් ජල ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන 54 වැනි විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් තරගාවලියට (‘බී’ ශ්‍රේණිය) සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (22) අවසන්වේ. තරගාවලිය මෙම මස 25 වැනිදා සිට 5 වැනිදා දක්වා ඔටර්ස් ක‍්‍රීඩා සමාජයීය ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
තරගාවලියට විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගළ හා මිශ‍්‍ර යුගළ ඉසව් ද, වයස 7 න් පහළ, 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) කේවළ ඉසව් ඇතුළත්වේ. 14 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩ දෙකෙන් පමණක් යුගළ ඉසව්ව පැවැත්වේ. වයස 45 ට වැඩි ප‍්‍රවීණයන්ගේ යුගළ ඉසව්වක් ද තරගාවලියට ඇතුළත්ය. තරගාවලියේ විවෘත ඉසව්වල ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර සෙසු ඉසව් සඳහා කුසලාන හා සහතිකපත් පිරිනැමේ.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර සහ අයැදුම්පත් නො: 380/1, කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔටර්ස් ජල ක‍්‍රීඩා සමාජයෙන් හා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථානයෙන් ලබා ගත හැකිය.

