‘ඒකාබද්ධයේ රැලියට ලංගමයෙන් බස් අරගෙන නැහැ‘


(නිමල් කොඩිතුවක්කු)


ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන විරෝධතාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් එක් බස් රථයක් හෝ ලබාගෙන නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.


නියමිත පටිපාටිය අනුව මුදල් ගෙවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඕනෑම බස් රථයක් ලබාගැනීමේ හැකියාව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


පෞද්ගලික බස් රථ ලබාගැනීමේදී ද අමාත්‍යාංශය කිසිදු වාරණයක්  පනවා නොමැති බවත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවසර මත එම බස් රථ ලබාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.