‘ඒකාබද්ධ විපක්ෂයේ රැළිය වැළැක්වීමට නීතීමය පියවර අවශ්‍ය නෑ‘


(නාලක සංජීව දහනායක)

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ලබන මස 5 වැනිදා කොළඹදී පවත්වන උද්ඝෝෂණය වැළැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මෙම උද්ඝෝෂණයෙන් පසුව ආණ්ඩුව ඉවරවනු ඇතැයි සිතීම මුලාවක් බවත් උද්ඝෝෂණයෙන් පසුව ආණ්ඩුව තව තවත් ශක්තිමත් වනු ඇතැයිද කීය.

වර්තමන ආණ්ඩුව මහජනතාවට හිංසාවන තීන්දු කිසිවක් ගෙන නොමැති බැවින් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය පැවැත්වීමට කිසිඳු හේතුවක් නැති බව සඳහන් කළ අමාත්‍යවරයා විවිධ අවශ්‍යතාවයන් සඳහා කොළඹට වැඩිම පිරිසක් පැමිණෙන දිනයකදී උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මහජනතාව අපහසුතාවයට පත්වන බවද  සඳහන් කළේය.