‘ඒ දෙදෙනා දක්ෂයෝ‘


හිටපු අබාධිත හමුදා සාමාජිකයකුට කහටගස්දිගිලියේ දි  පහර දෙන අයුරු දැක්වෙන  වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව උතුරු  මැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවරුධන මහතා කියයි.

ඔහු එසේ කියනුයේ පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ ආබාධිත යතුරු පැදිකරුවකුට  පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු කහටගස්දිගිලිය නගරයේ දී  ප්‍රසිද්ධියේ පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව අන්තර්ජාලයේ හා යූ ටියුබ් මගින් ලොව පුරා ප්‍රචාරය වීම සම්බන්ධයෙනි

එම පොලිස් සාමාජිකයන් දෙදෙනා දක්ෂයන් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.

යුද්ධයේදී පාදයක් අහිමි වු හමුදා සෙබල බේත්කෑවේ පදිංචි ජේ.කරුණාරත්න පවසනුයේ යතුරුපැදිය නතර කරන ලෙස අණ කළත් බොරු කකුලක් පැළඳ සිටි නිසා එකවර නතර කරගත නොහැකි නිසා මඳ දුරක් ගොස් යතුරු පැදිය නතර කර ගත්තා.  පසු පසින් ආ පොලිසියේ මහත්වරු දෙදෙනා කොලරයෙන් අල්ලා මට පහරදුන්නා.