‘එස්.අයි. උසාවි ගේනු’


දහතුන් හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන සිද්ධියක සැකකරුවන් නිදහස් කැර ගැනීමේ අදහසින් දැරියගේ නිවෙසට ගොස් ලිපියකට අත්සන්  ගත්තැයි කියන කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කෙළේය. 2010 දී මේ දැරිය කෙළෙසී යැයි සැකපිට ප‍්‍රධාන සැකකරු රිමාන්ඞ් කර සිටියි. තවත් සැකකරුවකු රටින් පැන සිටින බව ද පොලිසිය කියයි.