ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට එන බව කියා නොපැමිණියේ යැයි වැඩසටහන් ඉදිරිපත් කරන්නා රටටම කීවේය.
එම වැඩසටහනට එන බව දින 10කට කලින් ඇය තහවුරු කළත් වැඩසටහන අවසන් වනතුරුම ඇය නොපැමිණි බව ඔහු කීවේය. ඔහු එතැනින් නැවතුනේ නැත. ඇය මන්ත්‍රීවරියක වීමට නුසුදුසු බවද ඔහු කීවේය. එහෙත් ඔහුට එවැනි තීරණයක් ගත නොහැකිය. එවැනි තීන්දුවක් දැන් උසාවිය හමුවේ ඇත. ඇය ශ්‍රී ලංකාවේ හා ස්විට්සර්ලන්තයේ පුරවැසිකම දරතියි පරාජිත මන්ත්‍රී අපේක්ෂකයකු මානව හිමිකම් පෙත්සමක් ගොනු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාරව එම පෙත්සම ගොනු කර ඇත.

