ඉදිරි මහ මැතිවරණය අති විශිෂ්ට ලෙස ජයගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් එය වළක්වාලීමට විවිධ කේවට්ටයන් ජනපති ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාලීමට දැඩි උත්සාහයක නිරතවවන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (23) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
‘පසුගිය රජයේ සිටි සියලු දූෂිතයන් ගැන රටම දන්නවා. ඒක නිසා ගම්වල ජනතාව වැල නොකැඩී එජාප වටා එකතුවෙමින් සිටිනවා‘ යැයිද අධ්‍යාපන ඇමැති කීවේය.
අමාත්‍ය පී.හැරිසන් මහතාද එම අවස්ථාවට එක්විය.



