‘පසුගිය කාලවල ජනාධිපති ආරක්ෂක අංශයත් ගංඟාවලට බැහැලා මැණික් හාරන්න කටයුතු කළා. එයාලා මේ මැණික් ගිහින් දුන්නේ කාටද කියා මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ.‘ යි මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙහිඕවිට දී කීවේය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැදිහත්වීමෙන් තල්දූව සීතාවක ප්‍රදේශයේ මැණික් ගැරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු මූල්‍ය ප්‍රතිලාභ තල්දූව හා සීතාවක වසම්වල ආගමික මධ්‍යස්ථාන, සමෘද්ධිලාභීන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිලාභ ලබාදීමේ උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී අද (29) පැවැත්විණි.
‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය අවුරුදු කිහිපයක කාලයේ කටයුතු කළ ආකාරය ගැන මම කිසිසේත් සතුටු වෙන්නේ නෑ. මැණික් සංස්ථාවට අයිති දේවල් කළ යුතුයි. මෙම ආයතනවල කටයුතු දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව කිරීම අත්‍යවශ්‍ය දෙයක්.‘
අමාත්‍යවරු වන රංජිත් සියඹලාපිටිය, අතාවුද සෙනවිරත්න, සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සබරගමු විපක්ෂ නායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අරුණ ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද එහි වූහ.








