පසුගිය කාලයේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කඩාවැටීම් හා ප්‍රශ්න සම්බන්ධයෙන් තමා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට දොස් නොකියන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) ප්‍රකාශ කළේය.
තමා සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කරන අවස්ථාවේදී ද අමාත්‍යවරයෙකු ලෙස තමාට නිදහසේ වැඩකිරීමට සුදුසු පරිසරයක් නොතිබූ බව දන්නා හෙයින් එසේ දොන් නොකියන බව පැවසීය.
තමාට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නිදහසේ කටයුතු කිරිමට අවස්ථාව තිබුණේ නම් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දැනට තිබෙන තත්වයට වඩා වැඩි කාර්යයක් කිරීමට හැකිවන බව ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් රිදී පදක්කමක් ජයග්‍රහණය කර වසර 15 ක් ගතවීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ දී අද (7) පස්වරුවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
මෙහිදී සුසන්තිකා ජයසිංහ මහත්මිය ‘මගේ කතාව˜ මැයෙන් රචනා කළ ස්වයං චරිතපදානය එළිදැක්වීම, ඇගේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම, සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා අරමුදල පිහිටුවීම සහ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා ඇකඩමිය පිහිටුවීම ද අද සිදු විය.
අතුරලියේ රතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලූත්ගමගේ සහ ගාමි‚ ලොකුගේ, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ආරියශීල වික්‍රමනායක, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන සුගත් තිලකරත්න, ශ්‍රියානි කුලවංශ, දමයන්ති දර්ශා, පුෂ්පමාලි රාමනායක, රංගන ශිල්පීහු වන පාලිත සිල්වා, සනත් ගුණතිලක, ගයේෂා පෙරේරා යන මහත්ම මහත්මීහු එක්වූහ.







