( තිළිණි ද සිල්වා)
නව කොවිඩ් ප්‍රභේදයන් පැතීරීයාම හේතුයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එතිහාඩ් ගුවන් සේවය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව පාකිස්ථානය, නේපාලය හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන. රැගෙන ඒම ලබන 31 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටවූ බව එතිහාඩ් ගුවන් සේවා සමාගම කියා සිටී.
කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එම ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පෙන්වා දේ.
එතිහාඩ් ගුවන් සේවයට පෙර එමිරේට්ස් ගුවන් සේවයද ශ්‍රී ලංකාව ඇතුළු එම රටවලින් මගීන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් පවතින කොවිඩ් නව ප්‍රභේද වාර්තා වීම් නිසා පසුගිය සති දෙකක කාලය තුළ මෙම රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම ට අනිද්දා(21) දක්වා අවසර ලබා නොදීමට ඒමීර් රජය තීරණය කර ඇත.
මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඉන්දියාවෙන් සංචාරකයින් එරටට ගෙන්වා ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ද තීරණය කෙරිණී.

