ඇමරිකාව හා එංගලන්තය ඇතුළු යුරෝපා රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන නමුත් එවැනි කතා විශ්වාස කරමින් එක්සත් ජාතික පෙරමුණු රජයක් යළිත් බලයට පත් කළහොත් ග්‍රීසියට අත්වූ ඉරණමම ශ්‍රී ලංකාවටද අත් විය හැකි බව කෝප් කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා ප්‍රගතිශීලි බැංකු පෙරමුණේ අද (7) නාරාහේන්පිට පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.


