‘එජාපයේ අපේක්ෂකයා නුදුරේදීම ප්‍රකාශ කරනවා’


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත් කර ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අපි අපේක්ෂකයා කිසි විටෙක අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබුවකු නොවන අතර අනාගත පරපුර නව ලෝකයකට ගෙන යා හැකි දුප්පතාගේ දුක හඳුනන උගත් පුද්ගලයකු බවත් එජාප සභාපතිවරයා සඳහන් කරයි.

අමාත්‍ය කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.