‘එජාපය බොරු පොරොන්දු දෙන්නේ නෑ‘


රනිල් වික්‍රමසිංහ මහතාගේ පුළුල් දැක්මකින් යුත් වැඩපිළිවෙළ අනුව ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් යටතේ ඡන්දදායකයන්ගේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවත් තරුණ පිරිසට රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කරන බවත් ඒවා බොරු පොරොන්දු නොව ක්‍රියාත්මක වන දේවල් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මහර, කෝපියාවත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පැවසීය.

අලුත් ආණ්ඩුවක් හදන්න සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලන බවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ජනතාව රජයකින් බලාපොරොත්තුවන සෑම යුතුකමක්ම ඉටු කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කීය.