ඉදි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආසන්න ප්‍රමණයක් ගෙන ජයග්‍රහණය කරනු ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයවත් ගැනීමට නොහැකි වන බවත්, ජනතා විමුක්ති පෙරමුණ යම් පිබිදීමක් ලබන බවත් ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්‍ද්‍ර මහතා කියයි.
පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපති ජයග්‍රහණය කරන බවත් කී ජ්‍යෝතිර්වේදීන්ගෙන් ඔහු ද කෙනකි. ජනපතිවරණයට සතියකට පමණ පෙර පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ද ඔහු ඒ බව කීවේය. වයඹ පළාත් සභා මැතිවරණයේ දී දයාසිරි ජයසේකර මහතා මනාප ලක්ෂ තුනකට වඩා ගෙන මහ ඇමැති වන බව ද ඔහු කීවේය.
මෙවර ඔහු කියනුයේ අගෝස්තු 18 වැනිදායින් පසු පත් වන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන බවයි.
මීට මාස තුනකට පෙර ඡන්දය පැවැත්වී නම් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් තිබූ බවත්, ඉදිරියේ දී රාජපක්ෂ මහතාට නරක කාලයක් උදා වන බවත්, කිසිලෙසකින්වත් ඔහුට අගමැති විය නොහැකි බවත්, ඔහු අගමැති අපේක්ෂකත්වය දරණ පක්ෂය ඒ නිසා පරාජය වන බවත් සරත්චන්ද්‍ර මහතා පවසයි. ඡන්දෙන් පසු හිටපු ජනපතිට නඩු හබවලට මුහුණ දීමට ද සිදුවනු ඇති බවත් ඔහු අනාවැකි පළ කරයි.
(විශේෂ - ඉදිරි මහ මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කරන බව හෝ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන බව කියන ජෝතිර්වේදීන් හට ද එසැණ අවස්ථාව දීමට සුදානමින් සිටී. එවැනි ජෝතිර්වේදියකු සිටී නම්[email protected] විද්‍යුත් ලිපිනයට තම ලිපි එවිය හැකිය. )
සරත්චන්ද්‍ර මහතාගේ සම්පූර්ණ අදහස පහත වීඩියෝවෙන්...
(වීඩියෝ පුෂ්පකුමාර ජයරත්න)
.

