19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම වළක්වා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්ෂයේ උවමනාව වී ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) ප්‍රකාශ කළේය.
අද නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විපක්ෂ නායක එසේ පැවසීය.
එම අරමුණ ඉටුකරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අංග සම්පූර්ණ පිටපතක් තවමත් විපක්ෂයට ලබානොදී සිටින බවද පැවසූ විපක්ෂ නායකවරයා 19 වැනි සංශෝධනයත් 20 වැනි සංශෝධනයත් එකම අවස්ථාවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවද කීවේය.
වීඩියෝ - ලහිරු හර්ෂණ







