‘එජාප අපේක්ෂකයා කවුරු වුවත් පක්ෂය දෙකඩවීම වැළැක්විය නොහැකියි’


(නාලක සංජීව දහනායක)

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස කවුරුන් ඉදිරිපත් කළත් පක්‍ෂය දෙකඩවීම වැළැක්විය නොහැකිවනු ඇතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (22) පැවැසීය.

මේ වනවිට පක්‍ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයේ සිටින බව කී විපක්‍ෂනායකවරයා පක්‍ෂයක නායකත්වයට ගරු නොකර එවැනි පුද්ගලයන්ට පක්‍ෂයක කටයුතු කළ නොහැකි යැයි ද පෙන්වා දුන්හ.

ඒ අනුව ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් කවුරුන් ඉදිරිපත් කළත් ඇතිවී තිබෙන ගැටුම් තව තවත් උග‍්‍රවන බව කී විපක්‍ෂනායකවරයා අගමැතිවරයා, කරූ ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස ඇතුළු සියලූම දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරවීමට ජනතාව ගෙන ඇති තීන්දුවට ඉන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවද කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ හමුවකට සහභාගී ඔහු මේ බව සදහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ සහ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.