‘එකිනෙකාට ඇගිල්ල දිගු නොකර එක්ව කටයුතු කරන්න’


(ඩයනා උදයංගනී)


එකිනෙකාට ඇගිල්ල දිගු නොකර අන්තවාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීම සදහා එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියළුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 

එම ත‍්‍රස්ත ක‍්‍රියාවලින් දේශපාලන වාසි නොගෙන රටක්, ජනතාවක් ලෙස එක්ව එය පරාජය කළ යුතු බව කී ඇමතිවරයා, බුද්ධි අංශ විසින් අනතුරු ඇගවීමක් කර තිබියදීත් රට තුළ ත‍්‍රස්ත ක‍්‍රියාවක් සිදුවීම වළක්වා ගත නොහැකිවීම සම්බන්ධයෙන් සියලූ දෙනා ලජ්ජාවට පත්විය යුතු බවද සඳහන් කළේය.          
 
සිදුවූයේ මිලේච්ඡ ත‍්‍රස්තවාදී උන්මත්තක ආගමික ක‍්‍රියාදාමයක් බව කී ඇමතිවරයා එය තරයේ හෙළා දකින බව ද ප‍්‍රකාශ කළේය.
           

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේදී අද (22)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම ත‍්‍රස්ත ක‍්‍රියාදාමයේ පළමු සිදුවීම වූයේ 2018 නත්තලට පසු දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කිහිපයක් හා දේවස්ථානවලට හානි කිරීම් බවත්, ඉන්පසු පුත්තලම, වනාතවිල්ලූව, අරුවක්කාලූ ප‍්‍රදේශයෙන් ඔවුන්ගේ පුහුණු ක`දවුරක් සොයාගෙන අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් කී ඇමතිවරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස සිටින්නේත් එම පිරිසම බව ආරක්‍ෂක අංශ විසින් පෙන්වා දී ඇතැයි කීවේය.

 ආරක්‍ෂක අංශවලට දැන්වත් නිසියාකාරයෙන් නායකත්වය දී, මේ ආගමික පිළිලය සම්පූර්ණයෙන්ම මේ සමාජයෙන් තුරන් කළ යුතු බව ද ඇමතිවරයා කියා සිටියේය.