
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් ප්‍රදර්ශනය වන බව වාර්තා .
මෙම නෞකාව පසුගිය මැයි මස 20 වැනිදා ගිනිගැනීමට ලක්වූ දිනයේ සිට තෙල් කාන්දුවේ යැයි බියක් පැවැති අතර එහිදී සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරි පැවැසුවේ එවැනි අවදානමකට මුහුණදීමට සූදානමින් සිටින බවයි.
මැයි මස අවසන් දින කීපයේ සිට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ස්ථාන කීපයක තෙල් පැල්ලම් තිබෙන බවට වාර්තා වුවද ඒ සෑම අවස්ථාවකදී තෙල් කාන්දුවක් නොමැති බවට බලධාරීහූ පැවසූහ.

