ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැප වී සිටින බව එක්සත් ජාතීන් සංවිධානයේ මහලේකම් බැන් කී මූන් කියයි.
පසුගිය කාලසීමාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය දුන් බවත්, එදිරියටත් එලෙසම සහාය දෙන බවත් ඔහු පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවවීමේ හැත්තෑ වැනි සංවත්රසය හා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධවී හැට වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බැන් කී මූන් එලෙස සඳහන් කරයි.

