‘ඌවේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වෙනවා‘


ඌව පළාත් සභාවෙන් ලැබුණු ජයග්‍රහණයත් සමඟ උතුරු පළාත හැර සියලුම පළාත් සභාවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

‘සන්ධානයට කවදත් ඉහළ ඡන්ද ප්‍රතිශත ලැබෙන ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල ලැබුණු ඡන්ද ප්‍රමාණ හා සමාන ඡන්ද ප්‍රමාණයක් මොණරාගලින් ලබාගෙන අපේ ඡන්ද පදනම රැක ගන්න හැකි වුණා.

මේ ලැබුණු ප්‍රතිඵලය ගැන අපි සෑහීමකට පත් වෙනවා. ඒ වගේම දැන් පළාත් සභා මැතිවරණ සියල්ල අවසන්. නැවත පළාත් සභා මැතිවරණයක් එන්නේ වසර හතරකින් පමණ පසුවයි. තව ජාතික මැතිවරණයක් ඉදිරියෙදි එන්න තිබෙනවා.

ඌව පළාත් සභා මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ ජයග්‍රහණය කරන්න අපට හැකි වුණේ ජනාධිපතිතුමාගේ නායකත්වය නිසයි.‘