‘ඌවේ ඡන්දයට බොරු එපා’


නොයෙක් අය  නොයෙක් කතා පැවසුව ද මේ රටේ ජීවත්වන සෑම පුරවැසියකුගේම ජීවිත  සමෘද්ධීමත් කිරීමට හැකි සෑම පහසුකමක්ම ලබා දී  රජයේ අපේක්ෂාව  බව ජනපති  මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ජනපති එසේ පැවසුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ දෙමළ ප්‍රජාව සමඟ පසුගියදා මොනරාගල පුස්තකාල ශ්‍රවනාගාරයේ  පැවැති විශේෂ රැස්වීමේදීය.

වතුකරයේ දෙමළ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ එකම රාජ්‍ය වත්මන් රජය බවත්  වතුකරයේ ,කඳුකරයේ කොතැනක මේවා රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම රජයේ අරමුණ බව  ද පැවසීය.

කිසිදු බේදයකින්  තොරව සෑම නිවසකටම විදුලිය ලබා දීමට රජය කටයුතු කළ අතර රටේ ජීවත්වන සියලු ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම රජයේ ඊළඟ ඉලක්කය බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රටේ ජනතාව නොමග යවන විපක්ෂය ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබඳව මෙහිදී අදහස් දැක් වු ජනාධීපතිවරයා ප්‍රකාශ කළේ බොරු ප්‍රචාර නොකර සත්‍ය කථා කර ජනතාව සමඟ වැඩකරන ලෙස තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

ඇමැතිවරුන් වන ආරුමුගම් තොණ්ඩමන් හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු කීප දෙනෙක්ම මෙහිදී කතා කළහ.