උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ ජාතික පාසල්හි නියමු ව්‍යාපෘතියක් ලෙස පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
දිවයිනේ සියලු පාසල්හි උසස්පෙළ සිසුන්ට ටැබ් පරිගණක බලා දීමේ යෝජනාව පසුගිය 2017 වසරේදී කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන අතර එහිදී ජනාධිපතිවරයාගේ නිර්දේශය වූයේ දීප ව්‍යාප්තව එකවර මෙම ව්‍යාපෘතිය ඇරැඹිම නොකළ යුතු බවත් එය ජාතික පාසල් නියමු ව්‍යාපෘතියක් ලෙස පමණ ඇරැඹිය යුතු බවත්ය.
එසේම විෂය මාලා කරුණු හැර වෙනත් අන්තර්ජාල අවකාශයන්ට ප්‍රවේශවීමට ඇති ඉඩ වැලැක්විය යුතු යැයිද ජනාධිපතිවරයා සඳහන් කරයි.
රුපියල් බිලියන පහහමාරක් මේ සඳහා වෙන් කර ඇති අතර අවශ්‍ය මුදල් ප්‍රමාණය රැගෙන ඉතිරි මුදලින් දිවයින පුරා පිහිටි අඩුපාඩු සහිත පාසල්හි භෞතික උපකරණ ලබා ගැනීම වෙනුවෙන් යොමු කරන ලෙසඳ ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
පාසල් දරුවන්ට නව තාක්ෂණික දැනුම ලබා දීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ගේ විනය සහ මානසික මට්ට සුදුසු අයුරින් මෙම වැඩසටහන් සිදුකිරීම ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.
( මාධ්‍ය නිවේදනය පහත දැක්වේ)


