‘උසස් පෙළ අවුල ලිහනු!‘ By None // 2012 ජන 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උසස් පෙළ අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස බල කෙරෙන විරෝධතා ව්‍යාපාරයක් අද සවස කොටුව දුම්රියපොළ අසල පැවැත්විණි. දැනට නිකුත් කර ඇති ව්‍යාකූල ප්‍රතිඵල වහා අවලංගු කර නිශ්චිත කෙටි කාලයකදී නිවැරදි ඉසෙඩ් අගය මත විශ්වසනීය ලෙස ප්‍රතිඵල නිකුත් කරන ලෙස ද , වැරදි කළ විභාග බලධරයනට වහා දඩුවම් ලබාදෙන ලෙස ද, සිසුන් ඒ ඒ විෂයන්ට ලබා ගත් ලකුණු වෙන් වෙන් වශයෙන් දැනගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ද, මේ පිළිබද සොයා බැලීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා අත්දැකීම් ඇති විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස ද, අධ්‍යාපනය ලබන දරුවන්ගේ විශ්වාසය රැකෙන අයුරින් ඉදිරියේදී විභාග ප්‍රතිඵල නිකුත් කරන ලෙස ද ඉල්ලමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 26 ක් මෙලෙස පත්‍රිකා බෙදා හරිමින් විරෝධතාවය පල කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත