‘උමා ඔය කාන්දුව අඩු කරගත්තා‘


(නිමල කොඩිතුවක්කු)

උමා ඔය ව්‍යාපෘතියේ ජල කාන්දුව තත්පරයට ලීටර් 1400 සිට තත්පරයට ලීටර් 500 දක්වා අඩු කරගැනීමට හැකි වූ බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල්ද සිල්වා මහතා පවසයි.

ජනවාරි මාසය වනවිට එම විශාල කාන්දුව සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිවනු ඇති බවද ඒ මහතා කියයි.
 
ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත සහ නෝර්වීජියානු උපදෙස් මත තවදුරටත් කටයුතු කරන බවත් ඒ ඔස්සේ කැණීම් කටයුතු ඉදිරියට කරගෙන යන බවත් ඒ මහතා කියයි.