හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පනවා ඇති ඇතැම් තහංචි ඉවත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
සේවය සඳහා පිරිමින් බඳවාගැනීමේ දී ඇති 5% සීමාව, සලකා බලන උස ප‍්‍රමාණය ආදිය උපාධිධාරීන් බඳවා ගැනීමේ දී සැලකීම සුදුසු නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
උපාධිධාරියා යනු ඉහළම සුදුසුකම් ඇති අයෙක් නිසා තවත් සුදුසුකම් සැලකීම අවශ්‍ය නොවන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවයට නවක නිලධාරීන් 631 ක් බඳවා ගැනීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ අද (9) පැවති උත්සවයක් අමතමිනි.





