‘උපරිම දඬුවම නියම වූ අයකු දිවුරුම් දීම ගැටලුවක්’


 

නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට නීතියේ උපරිම දඬුවම වන මරණ දඬුවමට නියම වූ අයකු පැමිණ දිවුරුම් දීම පිළිබඳ ගැටලුවක් ඇතිවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු එසේ කියා සිටියේ මරණ දඬුවම නියමව සිටින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද දිවුරුම් දීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කල් තැබීමේ විවාදයට සම්බන්ධ වෙමින් අනුර කුමාර දිසානායක මහතා එසේ අදහස් පළ කරද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා ඇති කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුර කුමාර දිසානායක මහතාට අවවාද කරමින් කියා සිටියේ මාතෘකාවට අදාළව කතා කරන ලෙසයි.

මේ මොහොතේත් සිය කතාව සිදුකරමින් සිටින අනුර කුමාර දිසානායක මහතාගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ල වෙමින් පවතී.

 

403