උද්ඝෝෂණ කිරීමට ඕනෑම අයකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ඇති බවත් තම වෑයම රට වනසන යුද්ධයකට යළිත් ඉඩ නොතබා සියලූ ජාතින්ට එකට ජීවත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් ගොඩනැගීම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව මිනිසුන් එක් කිරීමට පාලමක් කරගත යුතුයි.භාෂාව හේතුවෙන් මිනිසුන් වෙන්කළ යුතු බව ඇතැමුන්ගේ අදහස වුවත් මනුෂ්‍යත්වය අගයන සැබෑ මිනිසුන් ලෙස රටේ සෑම භාෂාවකටම ගරු කළ යුතුයි වගේම එම භාෂා හැදෑරිය යුතුයි.
කළු කොඩි වෙනුවට සාමයේ කොඩි ලෙළදවමින් මතු පරපුරේ අපේක්ෂා ඉටුකිරීමට යන ගමනට සහය වන ලෙස සියලූ උදේඝෝෂකයින්ට ආරාධනා කරනවා.“යැයි ජනපතිවරයා පවසයි.
ජනපතිවරයා මේ බව පැවසුවේ යාපනය හින්දු විද්‍යාලයේ දී අද (14) පැවති ජාතික දෙමළ භාෂා දින උත්සවය අමතමිනි.
“සියලූදෙනා පිළිගන්නා ජාතික සංහිඳියා පිළිවෙත කරා යන ගමනේදී ඊට බාධා කරන්නේ මනුෂ්‍යත්වය නොහඳුනන පිරිස්.රටේ සියලූ දරුවන්ට සම අධ්‍යාපන අයිතිවාසිකම් ලබාදෙන්නේ, ඔවුන් සියලූ දෙනා දැනුමෙන් යුත් පුරවැසියන් බවට පත්කිරීමටයි, ආගම් බේදයකින් තොරව රටේ සෑම දරුවෙකුම අනාගතය ජය ගැනීමට සූදානම් කිරීමේ වගකීම රජය ඉටුකරනවා.
ඉදිරියේදී අර්තාපල් පිටරටින් ගෙන්වීම නතර කර දේශීය අර්තාපල් ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කරනවා.“යැයි ජනපතිවරයා ප්‍රකාශ කරයි.

