(අංජුල මහික වීරරත්න )
මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට අදටත් ඔහු සමඟ සමීප සබඳතා පත්වන හිට්ලර්ගේ සොහොයුරාට කිසිදු බාධාවක් තිබිය නොහාකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අද (26) පැවසීය.
හිට්ලර්ගේ සොහොයුරා මැදිහත්ව උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවද එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය යොදා ඇති වැඩපිළිවෙළ අනුව ජාත්‍යන්තර පොලිසිය විසින් වරෙන්තුකරු අල්ලා වහාම මෙරටට බාරදීමට සියලු කටයුතු යොදා ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා මේ කරුණූ පැවසුවේ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව අමාත්‍යවරුන් සමඟ කළ කතා බහේදීය.
උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුදානම් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට අගමැති ක්‍රියාකළ යුතු බවටත් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් පිළිබදව අමාත්‍යවරුන් මෙහෙදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.
සැගව සිටි මුළු කාලයේදීම උදයංග වීරතුංග සමඟ සබදතා පැවැත්වු හිට්ලර්ගේ සොහොයුරාට උදයංග වීරතුංග මෙරටට ගෙන්විය හැකිවුවත් තනතුරෙන් ඉවත්වීමෙන් පසු තමා කිසිදු සබදතාවයක් නොපවැත්වු අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට තමාට හැකියාවක් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමඟ අඛණ්ඩව සබදතා පවත්වන හිට්ලර්ගේ සොහොයුරා කරන දේවල් තමා කිසිවිටකත් කරන්නේ නැතැයිද අගමැති අමාත්‍යවරුන් හමුවේ පැහැදිලි කර සිටියේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුව අධිපතිධූරයෙන් ඉවත්වීමේන් පසුව ඔහු සමග තමන්ගේ කිසිදු සබදතාවයක් නොතිබු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.