උතුරු හා නැගෙනහිර වැනි පළාත්වලින් රජයේ සේවයට ඉදිරිපත්වන අයදුම්පත් ප්‍රමාණය ඉතා අවම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අද (28) ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලීන යුද්ධයක් තිබීම හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්හි අධ්‍යාපන තත්ත්වය පහළ මට්ටමක ඇති බවත් අනෙක් පළාත්වලද භූගෝලීය සාධක, කාලගුණික සාධක හා මානව සම්පත්වල ගැටළු හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් විෂමතා ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.





